ධර්මදූතයේ දුවන කොල්ලො……
ඌව පළාත් පාසල් ක්‍රීඩා – 2025
ඌව පළාත් පාසල් ක්‍රීඩා තරග පසුගිය අගෝස්තු මස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් සමාප්ති උළෙලක් සමගින් අවසන් විය.
ධර්මදූතයේ දුවන කොල්ලන් මෙවර බදුල්ල කලාපය මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම ස්ථානය වෙත ඔසවා තබන්නට දක්වන ලද දායකත්වය පිළිබඳ සටහන තබන්නේ මහත් අභිමානයෙනි. මලල ක්‍රීඩා බාලක අංශයෙන් ප්‍රථම ස්ථානයත් , සමස්ත මලල ක්‍රීඩා අංශයෙන් ( බාලක , බාලිකා) තෙවන ස්ථානයත් ධර්මදූත විද්‍යාලය දිනා ගන්නා ලදී.



