වැජඹේවා දම් දූ මෑණියණි………..
දම් දූ මෑණියන්ගේ 134 වන සංවත්සරය අප විසින් සමරනු ලබන්නේ මහත් අභිමානයෙනි. ගුණ නැණ සපිරි වීර පුතුන් රැසක් සමාජයට දායාද කරමින් තවත් එවැනිම පුතුන් රැසක් සිප් කිරෙන් පෝෂණය කරන මෑණියණි , සදාකල් වැජඹේවා !
දම් දූ මෑණියන්ගේ 134වන සංවත්සර සැමරුම 2025 අගෝස්තු 21 වන දින විද්‍යාලයීය ශ්‍රවණාගාරය තුළ දී පැවැත්විණ. ඌව පළාත් හිටපු ලේකම් , ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම් , කීර්තිමත් ආදී ශිෂ්‍ය ගාමිණී මහින්දපාල ජෝපියස් මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වූයේ වර්තමාන ධර්මදූත ශිෂ්‍ය ප්‍රජාව ධර්මදූතයේ විකාශනය සම්බන්ධ දැනුවත් කිරීම යි.
දම් දූ මෑණියන්ගේ 134 වන සංවත්සර සැමරුම වෙනුවෙන් සමස්ත පාසල , ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමේ ආශිර්වාදාත්මක පිරිත් ධර්ම දේශනයක් ධර්මදූත ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කර තිබූ අතර 2025-08-21 වන දින සවස විද්‍යාලයීය සම්බුද්ධ මන්දිරය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා ප්රමුඛව එහි කාර්යය සිදු විය.

