ධර්මදූතයේ දුවන කොල්ලො……

ධර්මදූතයේ දුවන කොල්ලො……

ඌව පළාත් පාසල් ක්‍රීඩා – 2025

ඌව පළාත් පාසල් ක්‍රීඩා තරග පසුගිය අගෝස්තු මස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් සමාප්ති උළෙලක් සමගින් අවසන් විය.

ධර්මදූතයේ දුවන කොල්ලන් මෙවර බදුල්ල කලාපය මලල ක්‍රීඩා අංශයෙන් ප්‍රථම ස්ථානය වෙත ඔසවා තබන්නට දක්වන ලද දායකත්වය පිළිබඳ සටහන තබන්නේ මහත් අභිමානයෙනි.  මලල ක්‍රීඩා බාලක අංශයෙන් ප්‍රථම ස්ථානයත් , සමස්ත මලල ක්‍රීඩා අංශයෙන් ( බාලක , බාලිකා) තෙවන ස්ථානයත් ධර්මදූත විද්‍යාලය දිනා ගන්නා ලදී.

නව තරග වාර්තා තුනක් සමගින් විශිෂ්ටතම ක්‍රීඩකයා……

එම්.එච්.එම්. සෆාස් ක්‍රීඩකයා මිටර් 100 , 200 , 400 ධාවන ඉසව් ත්‍රිත්වයෙන්ම නව තරග වාර්තා තුනක් සමගින් ප්‍රථම ස්ථාන දිනා ගත් අතර ඔහු සමස්ත ක්‍රීඩා උළෙලහි විශිෂ්ටතම  ක්‍රීඩකයා බවට පත්විය.

නව තරග වාර්තා තුනක් ……

ආර්.එම්.එච්.පී. සමරකෝන් ක්‍රීඩකයා විසින් මීටර් 400 , 800 , 1500 ධාවන ඉසව් සඳහා ප්‍රථම ස්ථාන සනිටුහන් කරන ලද්දේ නව තරග වාර්තා තුනක් ද සමගිනි.

Share this post